Thursday, May 16, 2013

කුරුණෑගලදී පැවැත්වෙන ෆේක් සාමාජිකයන්ගේ දන්සල..!!

ඔන්න අද නම් වෙනදා වගේ කවියක් ලියන්න නෙවෙයි හදන්නේ. මේ වෙසක් එකනේ. ඉතිං බුකියේ ඉන්න අපේ fake කට්ටියට හිතුණා දන්සලක් දුන්නොත් කොහොමද කියලා.


ඒත් කවදාවත් දැකලා නැති අයත් එක්ක වැඩේ කරගන්න පුලුවන්ද කියන බය තිබ්බා. මෙහෙම තමයි පටන් ගත්තේ වැඩේ. ඒත් අපි හිතුවාට වඩා කට්ටිය සෙට් උණා.
ඉතිං මුලින්ම කට්ටිය එකතු වෙලා event එකක් හදලා වැඩේ පටන් ගත්තා. පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. මුලින්ම කට්ටියම.


කට්ටිය මුලින්ම සෙට් වුණේ සිසිල් බීම දෙන්න. ඒත් ටිකෙන් ටික ආධාර දෙන අය වැඩි වෙද්දී අයිස් ක්‍රීම් වලට මාරු වුණා. තැන නම් කුරුනෑගල සාරගම වැව ගාව. මොකද මේකට මුලින්ම එකතු වුණේ කුරුනෑගලම ටික දෙනෙක්.  දැන් සාරගම වැව ගාව මේ විදියේ පොස්ටරක් ගහලා තියනවා.



දැන් ගොඩක් දේවල් හරි. බුකියේ අය එකතුවෙලා කරන්න හදන පලවෙනි වැඩේ. අපේ බ්ලොග් ලියන අය කෙරුවා වගේ ලොකුවට කරන්න නම් බෑ. ඒත් මේක ආරම්බයක් වෙයි කියලා හිතනවා. පුළුවන් නම් දන්න කියන අයට කියන්න මේක ගැන. 


මේ link එක  යැව්වා නම් හරි දන්න කියන අයට. එදාට ඒ පැත්තෙන් යන කෙනෙක් ඉන්නවා නම් ගොඩවෙලා යන්න. සහයෝගය දක්වන්න කැමති අයට 24, 25 දවස් දෙකේ උදව් කරන්නත් පුළුවන්. එකතු වෙන ප්‍රමාණය මත අයිස්ක්‍රීම් මිලදී ගන්න හින්දා කැමති කෙනෙක්ට එකට දායක වෙන්නත් පුළුවන්. ඒ විස්තර උඩ තියන link එකෙන් ගන්න පුළුවන්.

24 ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙන්න ඕන හින්දා තමයි 25 මේක දැම්මේ. එහෙනම් මේ වෙසක් එකේ දී පුළුවන් තරම් පුණ්‍ය කර්ම කරගමු.



22 comments:

  1. හැකි වුණොත් එන්න බලනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා එන්න. හැබැයි උදේම එන්න.

      Delete
  2. සුපිරි මචෝ මෙහේ අයිස්ක්‍රීම් දන්සැල් හොයන්න වෙනම මිෂන් එකක් දෙන්න ඕන.අපිට දුර වැඩියි නැත්තන් අනිවා එනවා!

    ReplyDelete
    Replies
    1. ආශීර්වාදේ ඇති කට්ටියගේ. අවුලක් නෑ බන්

      Delete
  3. අපි ෆේක් නොවන හින්දා එන්න විදියක් නෑ..

    ReplyDelete
    Replies
    1. පටන් ගත්තේ එහෙම උණාට දැන් ගොඩක් ඉන්නේ ඇත්ත අය.

      Delete
  4. අඩෝ! මම ත් ෆේක්. ඒ වුනාට කුරුණෑගල එන්න වෙන් නෑ බං. මඩිස්සලෙයගෙ දන්සැලට යන්න තියෙනවා රාගම. මමත් දන්න දන්න උන්ට කියන්නම්. උඹලට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කොල්ලා කුරුණෑගල ද ගින්දර නේ කියන්නේ. අවුලක් නෑ අවුලක් නෑ.

      Delete
  5. කුරුණෑගල එන්න නම් බෑනේ. සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ දිලිනි, කට්ටියගේ ආශිර්වාදය වටිනවා

      Delete
  6. කුරුණෑගල! හ්ම්ම්, මේ වැස්සේ මොන අයිස්ක්‍රීම් ද බං? (නරියත් මිදි තිත්ත යි කිව්ව ලු)

    ReplyDelete
    Replies
    1. අපිට නම් වැස්ස නෑ. අයිස් ක්‍රීම් දෙන්න කියාපු දවස

      Delete
  7. ඒවා බොහොම හොඳ වැඩ.. එන්න නම් වෙන්නෙ නෑ. අපි දුර බැහැර නේ.

    ReplyDelete
    Replies
    1. දුර නම් ඉතිං එන්න බෑ තමා

      Delete
  8. Replies
    1. බොහෝම ස්තුතියි දෙන සහයෝගයට

      Delete
  9. කුරුණැගලනේ තියෙන්නේ දුර තමයි ප්‍රෂ්නය :) කොම වුනත් වැඩෙට සුභ පතනවා ජය!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ නංගි. දුර අයට එන්න අමාරුයි තමා

      Delete
  10. කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
  11. කොහොම කොයි විදියට මොකද හොද වැඩ කරනව නම්!!!!
    ..ඒ වුණාට මේ නා කපන වැස්සේ අයිස්ක්‍රීම් දන්සැල් දීල අපි වගේ පොඩි උන්ගෙ දෙමාපියන්ගෙන් ගුටි බැට හම්බුවේවි..))))

    එනි වේ වැඩේ සාර්ථකම වේවා! අපිටත් පින් ටිකක් අනුමෝදන් කරන්න!!!

    ReplyDelete
    Replies
    1. අවුලක් උනේ නෑ එච්චරම. පොඩි වැස්සක් විතරයි තිබ්බේ

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.