Sunday, June 9, 2013

අමාරුවෙන් ගළපා ගතිමි


නිසි කාලය පිරෙන් නැතිව
එළියට ගන්නට නොහැකිය
මවගේ කුසේ රැදී සිටින
මොළකැටි වන් දරු පැටියව

අවුල් වලින් පිරිලා තියන
ගිණිගත් සිතුවිලි අරඹක
සිත නිවනා කවි පදවැල්
නැති වුයේ ඒ හින්දද

අමාරුවෙන් ලියා ගත්ත
මේ පද ටික හරි නැතිවට
සිත කියන්නේ හැකි විදියට
පුළුවන් කල් ඇදන් යන්න


20 comments:

  1. අමාරුවෙන් හරි ගලප ගනින්

    ReplyDelete
    Replies
    1. රීම් එකෙන් වගේ අදින්නේ දැන්

      Delete
  2. ඇයි දැන් ඒ පාර තමුන්ට මක් වෙලා ද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවේ මොකද උනේ කියලා

      Delete
  3. අමාරුයි තමා ඒත ගලප ගනිං. එහෙම බැරිනං වෙන මොකක් හරි කරල ඒත් ගලපගනිං.. ඒකත් බැරිනං නිකං ඉදපං නෑ යකෝ. මොකක් හරි ගලප ගනිං.. හැක්

    ReplyDelete
    Replies
    1. අනිවා අත අරින්නේ නෑ දේශක තුමෝ

      Delete
  4. අයියෝ අප්පා.... මට නම් මේක තේරෙන්නේ නෑ. දන්න දන්න විදිහට බැපුව මොකක් ගැනද කියන්නෙ කියලා. වැඩේ හරි යන්නේ නෑ වගේ. හැබැයි පද ගැලපීම නියමයි. ආ...පුඵවන් නම් තේරැම කියන්න.

    ReplyDelete
    Replies
    1. දවස් ගානක් ඉදලා අවුල් ගොඩක හිටියේ. ලියා ගන්න කියලා කිසිම අදහසක් එන් නෑ. ඒකයි මෙහෙම ලියන්න හිතුනේ.

      Delete
  5. මොකක් හරි ලියහං. අපි ඉන්නෙ කියවන්න. අදහස් වටිනවා, කියන ක්‍රමේටත් වඩා.

    ReplyDelete
    Replies
    1. උඹලා ඉන්නකන් මාත් අත අරින්නේ නෑ පුතෝ

      Delete
  6. ඔහොම යං ඔහොම යං....

    ReplyDelete
    Replies
    1. එල එල කොහොම හරි යනවා

      Delete
  7. නිසි කාලය පිරුනේ නැති ළමයින්ව ගන්න පුළුවන්නේ "සීසර්" කරලා..
    ඒ වාගේ ඔය ඇතුලේ තියෙන ඒවත් කොහොමහරි එලියට ගනින්...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් මම මුලින් දැම්මේ දස මාසය පිරෙන් නැතිව කියලා. පස්සේ ඔය සීසර් කතාව හින්දා ආපහු වෙනස කලා බන්.

      Delete
  8. හා හා... යං ය්ං... ඕම ඕම යං....

    ReplyDelete
    Replies
    1. හරි හරියෝ. මේ යන ගමන්.

      Delete
  9. කොහොම හරි ගලපගෙන ලියමු බං..

    ReplyDelete
    Replies
    1. අතාරින්නේ නෑ කොහොමටවත්

      Delete
  10. හා හා ඔය නොගැලනෙ එවාත් වෙලාව ආවාම ගැලපෙනවා අයියේ :)

    ReplyDelete
    Replies
    1. ඒත් හොදට ගැළපෙන ඒවා වෙලාවකට නොගැලපෙන එකනේ තියන අවුල.

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.