Saturday, June 29, 2013

නික්ම ගිය බුදු පුත්


එකුන්   සැත්තෑ  වියකි ආයු කප ගෙවෙන විට
එයින් අපමණ කලකි වෙන් කෙරුව  බඹසරට
නමින්   පතළව   දහම් රකින සේ    පරතෙරට 
බවුන්  වැඩි  හිමි ද අද   ඇඳක් මත   තනිකමට

සැදූ   ගෝලයන්     රැස වැඩ නිසා ඇවිත් නැත
ගමේ   දායක පිරිස    පෙර පරිදි හොදින් නැත
නිසා    හැදුනොත්    වරද පසුව එය සුදුසු නැත 
ගෙවා දිනකට මුදල උවැටනට කෙනෙක් ඇත

ගමේ  උන්   කෙනෙකුගේ අවසන එළැඹී විට 
නොවේ   හැරියේ මඟ  ඉඩ හැකිකම  තිබූ විට
එසේ   ගෙවූ   බුදු   පුතුන්   දිවි  අඟ දකින විට 
නැසේ   දම්  වදන්  බව   කතරේ     සරදමකට 

8 comments:

  1. කව උවසර වේවා ඒ හිමි නමට....
    (මේ කොඩියෙ කහ පාට අඩු කළොත් මොක ද?)

    ReplyDelete
  2. දැන් හරිද මන්දා

    ReplyDelete
  3. Replies
    1. තෑන්ක්ස් බන්

      Delete
  4. හ්ම්හ්.. අනේ මන්දා බං මගේ හිතත් ගිලන් වෙලාද මන්දා ....

    ReplyDelete
  5. ඇයි බං මට නොකියා උඹලා කවි දාන්නෙ? බලන්නකෝ, මේක යි, වර්ෂා දාලා තිබුණ කවිය යි මට මිස් වෙලානේ.
    බුදු පුතෙකුට ජීවිතය මේ සංසාර ගමනේ එක් නවාතැන් පොළක් පමණ යි.

    ReplyDelete
    Replies
    1. මම ආවේත් සතියකින් විතර වගේ

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.