Sunday, June 23, 2013

පෙර දා මතකය


ඉලන්දාරියෙකි මහ ලොකු
කරදඩු උස් මහත් වෙච්ච
හෙට අනිද්දා රස්සාවක්
හොයා ගන්න උණත් ඇහැකි

ඇගට වාරු නැතිව ගිහින්
ලෙඩ ඇදටම වැටුනා නොවැ
ඉහ මොළ දෙපිටින් යන්නට
උණ ගත්තේ හරි හරියට

පුංචි කාලේ කල විදියට
එළිවෙන තුරු ළගින් ඉදන්
ඔඩිකොලොන් ඔලුවේ දමා
ආදරයෙන් පිරි මැද්දා

පොඩි කාලේ විදියටමයි
සිතේ තිබුණේ ඒ මතකෙයි
අමතක වෙන්නට කලියෙන්
ලියා තැබුවේ ඒ හින්දයි

19 comments:

  1. පොඩි වුණත් ලොකු වුණත් අම්මලා තාත්තලාගෙ ආදරේ වෙනස් වෙන්නෑ නේද.... ඒකද මේ අදහස් කළේ?

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ උණ ගැනිලා ගොඩක් අමාරු උණා. අම්මා ඉස්සර කෙරුවා වගේම රෑ එළිවෙනකල්ම ඇහැරිලා

      Delete
  2. එහෙම තමයි අම්මගේ ආදරේ . . . හැමදාම එක වගේ.

    ReplyDelete
    Replies
    1. කවදාවත් වෙනසක් නෑ

      Delete
  3. හ්ම්ම්ම්ම්... අනේ මන්දා.. :(

    ReplyDelete
  4. මවු පියන් එහෙම තමයි දරුවන්ට. මේක අමතක වෙන්න කලින් නිර්මාණාත්මකව ලියූ එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න බෑ ඒක කීයටවත්

      Delete
  5. අම්මාගේ ආදරය
    අනේ මන් දන්නේ නැ අයියේ :/

    ReplyDelete
  6. අපි හැමෝම පොඩි කාලෙ හිටපු විදිහට ම හිටියනම් කියල හිතුණා

    ReplyDelete
    Replies
    1. ඒ මොකද අප්පේ ඒ?

      Delete
  7. අපි හැමෝටම පොදු දෙයක් තමා ඕක. ඒත් නිර්මාණයකට පාදක කරගන්න මතක තියාගත්ත එක තමා අගය කරන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩ්‍රැකී

      Delete
  8. අමලාගේ ආදරේ ඔහොම තමයි.. කවදාවත් වෙනස් වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ ඒකනම්

      Delete
  9. උඹට උණ හදුනා ලු නේද ? මම දැක්කා මුතු අක්කා ස්ටේටස් එකක් දාල තිබුණා. එක ගමේ වෙලත් කෝ එන්න දන්නේ නැහැ නේ.. උඹට කෝල් ගත්තා ආන්ස්වර් කලෙත් නැහැ. මොනවා උනත් ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
  10. ලියල තියපු එක හොදයි පුමෝ ..ඒ වගේම සරල ලස්සන කවිපෙලක්

    ReplyDelete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.