Saturday, June 1, 2013

රතු පැහැති ලේන්සුව


ගුලි කරන් නුඹේ අත්ල මත
හොරෙන් ලං කරයි දෑස වෙත
එය පමණමයි දන්නේ 
ගලා ගිය කදුළු ගඟ
වෙන කිසිවෙකුත් නොවේ

මිතුරු කැළ මැදට වී
මවා ගත් සිනාව පෑ
නුඹේ වත මා බලා සිටියෙමි
මගේම සොයුරියක නිසා

සිනා පොද ගලන විටදිත්
නෙත් අගින් පැන නැගී
ගලා හැලෙන මේ 
තවත් එක් කදුළු බිංදුව
පිස දන්න ඉක්මනින්
ගුලි ගැහී තෙත් වුන
අතට තද කරන් ඔය 

රතු පැහැති ලේන්සුව
ඒ මැදින් ඉරි වැටුණු




27 comments:

  1. සික් ඕක රතුපාට උනේ ඇයි දෙයියෝ

    ReplyDelete
    Replies
    1. ඒක නම් කියන්න දන් නෑ. එයාගේ අතේ තිබ්බේ රතු පාට එකක් නේ

      Delete
  2. මේක ලේන්සුවක්යෑ ටවල් එකක්නේ...))))))

    ReplyDelete
    Replies
    1. ශීට් වැඩේ මීටර් නේද? රතු පාට ලේන්සුවක් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ අප්පා

      Delete
    2. ටවල් එකක් දැම්මේ මේ කදුළු ගගක් ගලා ගිය නිසා කියලයි මන් හිතුවේ බන්....:D

      Delete
    3. නෑ බන්, මේක තමයි පොඩ්ඩක් හරි ගැලපෙලා ගිය එකම එක.

      Delete
    4. මටත් කොමෙන්ට් එක කෙටුවට පස්සෙ ඔය කතාවම හිතුණා... බැලින්නම් ඒකත් නෙවෙයිනේ වෙලා තියෙන්නේ!!!!!!!!

      Delete
    5. හයියෝ අර්තය ඉස්මතු කරන්න කියලා දා ගත්තු එකෙන් වැරදි දෙයක් කියවෙලානේ.

      Delete
  3. මිතුරු කැළ මැදට වී
    මවා ගත් සිනාව පෑ....
    බොහෝ දෙනා මෙහෙම නේ....

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙම නෑ නේද?

      Delete
    2. ඒක නං ඇත්ත, දිලිනි අක්කේ.

      Delete
    3. එක අතකින් ගත්තාම මමත්

      Delete
  4. වෙනදා වගේ ම ලස්සණ යි. කඳුළුවලට මැදි වෙච්ච කතාවක් ඇති නොවැ. හ්ම්ම්, හැමෝටම තියෙනවා මම නං හිතන්නේ. ඒත් ගොඩක් අය ඉක්මනින් ම හැම දෙයක් ම අමතක කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් සමහරු අමතක කලා වගේ පෙන්නනවා විතරයි. ඇත්තටම ඒ අය හැමදාටම විදවනවා

      Delete
  5. ම්ම්ම්ම්ම්.. ටවල් එකක් :p

    හිතේ පැල්පැදියම් වුන කතාන්දරයක් වගේ?? :) ලේන්සුව අමතක කරන්න බැරි :p

    ReplyDelete
    Replies
    1. මම දැක්ක දෙයක් මේක. මගේ දන්නා අදුනන කෙනෙක්.

      Delete
  6. කවිය පැත්තක තියෙද්දි කට්ටිය තුවයක් පස්සේ දුවලා නේද පූමා.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ. කමක් නෑ කට්ටිය ඉතිං හදා ගන්නනේ කියන්නේ අයියේ

      Delete
  7. රතු ලේන්සුව සෑහෙන්න හිතට වද දීලා තියෙන පාටයි..

    ReplyDelete
    Replies
    1. මට නෙවේ හැබැයි

      Delete
  8. කඳුළු ත්, කඳුළු සඟවාගැනීමේ හැකියාවත් කාන්තා පාර්ශ්වයේ ම තියෙන මාර සුන්දර සහ විස්මයාකාර පැතිකඩක්.

    ReplyDelete
    Replies
    1. අනිවා බන්, ඒක ගැන නම් කියලා වැඩක් නෑ

      Delete
  9. තේරුනේ නෑ ඇනෝ

    ReplyDelete
  10. හෙක්... මේ ඕකෙන් පිස්සේ කඳුළු විතරද සහෝදරයා.. මටනම් සීයට තවුසන් ෂුවර් ඕකෙන් කඳුළු ඩබල් වෙන්න හොටු පිහලත් ඇති ඈ... :D

    ReplyDelete
    Replies
    1. මම පිහපු එකක් නෙවේනේ බන්

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.