Sunday, June 16, 2013

උයාගෙන කෑම


එහා පැත්තේ කාමරේ සෙට් එක එකතු වෙලා
හැමදාම හැන්දෑවට උයන කෑම සුවදට
හූල්ල හූල්ලා
හැමදාමත් වගේ දිය රහට 
කැන්ටිමේ කෑම එක 
ගිල දාන අපි,
අරුන්ගේ මහන්සියට කෙල ගිලින එක
අසාධාරණද කොයි තරම්.....


පින්තූරය:www.motherearthnews.com

28 comments:

  1. නරකද මාළුවක් බතක් උයාගන්නට පුරැදු උනොත්.

    ReplyDelete
  2. පල්ලෙහාට බැහැලා කෑම කන්න යන එකත් අපරාදේ වෙලාව කියලා හිතෙන එකේ තව උයාගෙන කන්න උනොත් කොහොම තියෙයිද?

    ReplyDelete
  3. උන්ට කෙල ගිලින එකේ උයාගෙන කාපංකෝ බං.. නැත්නම් උන් එක්කම සෙට් වෙයන්.. වැඩේ ශේප්..

    ReplyDelete
    Replies
    1. හැන්දෑවට තේ එකක් හදන්නත් අපි කම්මැලි. අරුන් ටික දවස් දෙකක් බලයි උපරිම ඕන්නම්.

      Delete
  4. උයන්න පුරුදු වෙයන්.. හරිම සිම්පල් වැඩක්. ඒක විනෝදයක් කර ගනින්.. කාළකන්නියෙක් නොවි...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ මෙහෙම බනින්න එපා. කොහොම හරි පුරුදු වෙන්නම්

      Delete
  5. එක්කෝ නොකාම හිටහං කෙලටික ඉවර වෙනකං

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත! උයා ගන්නත් කම්මැලි නං වෙන මොනවා කරන්න ද?

      Delete
    2. ඒත් කැන්ටිමේ අංකල් කාරයාට පව් නේ.

      Delete
  6. අසාධාරණ යි තමා....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අරුන්ට එච්චර සුවදට උයන් නැතිව ඉන්න තිබබා

      Delete
  7. ඈ, කෙල ගිලින එකනම් හොඳ වැඩක් නෙමේ,
    තමන් හිසට තම අතමය සෙවනැල්ල කියල
    මන් වගේ උයාගෙන කන්න පුරුදු උනානම් වැඩේ හරි

    ReplyDelete
    Replies
    1. හරි යන් නෑ තමා බන්. මොකක් හරි කරන්නම වෙනවා තමයි

      Delete
  8. ඉතින් නරකද ඉගෙන ගත්තොත් තනියම උයාගන්න ;)

    ReplyDelete
    Replies
    1. මම බැලුවේ නංගි උයලා දෙන්න කෙනෙක්වත් හොයා ගන්න කියලා.

      Delete
    2. හෑ හෑ හොයමු හොයමු නංඟි වසයෙන් මම නම් උපරිම සප් එක දෙමි

      Delete
    3. එක්කෙනෙක් ඉන්නවා, තාම ගෙදරට ගේන්න තමයි බැරි අනේ

      Delete
  9. උයල දෙන්න කෙනෙක් හොයාගන්න දැන් කල වයසත් හරිනෙ ඈ :v

    ReplyDelete
    Replies
    1. එකනේ බබියෝ කියන්නේ

      Delete
    2. පොඩ්ඩක් හිටහන්

      Delete
  10. උයන එක එච්චර ගේමක් නෑ බං. මාත් වෙලාවකට උයනව.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ. බලාගෙන යද්දී මම විතරයිනේ මෙහෙම ඉන්නේ.

      Delete
  11. සහෝදරයා, උයනවා කියන එක සිම්පල් කේස් එකක් නේ. අහලා නැතිද තමන්ගේ අතින් හදන ලුණු මිරිසයි බතයි කියන්නේ ඒක තමන්ට දිව්‍ය භෝජනේ කියලා..
    ඔන්න ඒකට අපි, තාම ඉක්කූල් යන කුක්කු බොන කිලි සප්පයෝ ඒ උනාට උයන්න දන්නවා ලු ඈ... හෙක්.. උයනවා කෝ.. පට්ට ආතල් වැඩේ.. සිරාම පට්ටයි ඈ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං තෝ මගෙන් අහගන්න යන්නේ

      Delete
    2. උඹලට හොඳක් කියන්නම බෑ... කියන්නම නේ බලාන ඉන්නේ ..

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.