Sunday, July 14, 2013

අවසන් මොහොත

මෙය "තෝටක" නම් විරිතෙන් ලිවීමට ගත් උත්සාහයකි

අවසන් මොහොතක් හැමටත් එනවා
මරුගෙන් පොඩිවත් බුරුලක් නැතිවා
නොමදත් මිනිසුන් මෙලෙසින් සිතුවා
අපිනම් දිවමන් වරමක් ලැබුවා

සිතකින් සිතුවත් එලෙසින් නොමනා
ඔහුටත් දිනයක් ඇවිදින් තියෙනා
නොසිතන් තමනුත් වෙසෙසක් ලෙසිනා
සැනසෙන් යහපත් කුසලෙන් සොබනා

කිසිවෙක් වෙරයෙන් කුසලක් කරනා
ගැහැටක් නොමවෙත් මරණෙන් විදිනා
හිසගත් බරුවක්  සැණෙකින් හෙළනා
විලසක් මවමින් සැපතක් ලැබෙනා

"ගජ" නම් සඳස, :තෝටක" විරිත
"ස" ගණ හතරක් සහිතව මාත්‍රා 16 ක් විය යුතුය.

ඡායාරුපය මෙතනින් ගත්තේ


23 comments:

  1. පූමො මේ විරිත් ගැන නම් කේරෙන්නේ නෑ මට.

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩක් දන්නේ නෑ අයියේ. ඉගෙන ගත්ත එකක් අත්හදා බැලුවා.

      Delete
  2. උබ ලිවුවොත් අහන්න දෙයක් නැ ... ලස්සනයි සහෝ ... දිගටම ඔහොම යමු .. ඉදලා හිටලා හරි මටත් කියා දියන ...සුබ පැතුම් සහෝ ....

    ReplyDelete
  3. අනේ මාත් විරිත් ගැන නම් දන්නේ නෑ..... හැබැයි කවි ටික ලස්සනයි. එකේ අදහසත් හොදයි.... ගොඩක් මිනිස්සු මැරෙනවා කියල දන්නේ නැති එක තමා හෙනේ.....

    ReplyDelete
  4. ලෝවැඩ සඟරාව මතක් වුණා :D

    ReplyDelete
    Replies
    1. ලෝ වැඩ සඟරාවේ විරිත මීට වඩා ටිකක් වෙනස් නේද?

      Delete
    2. මෙහෙමයි ලෝ වැඩ සඟරාවේ ගොඩක් කවි ලියවිලා තියන්නේ "පදක" විරිතෙන්. ඒකත් මාත්‍රා 16 යි. වෙනසකට තියෙන්නේ එකේ මාත්‍රා 4 න් 4 ට නවත්ත නවත්තා කියන්න ඕනේ. මේක නවත්තලා කියන්න උණත් පුළුවන්. ඒත් අනිවාර්ය නෑ එහෙම වෙන එක. අර "ස" ගණ 4ක් එන එක තමයි මූලික නිතිය

      Delete
  5. මම නං මෙහෙම විරිතක් ඇහුවේ අද තමයි. හ්ම්ම්, කලින් අහලා තිබුණේ "සමුද්‍රඝෝෂ" විරිත ගැන විතර යි! ඒක ඉතින් සාමාන්‍යයෙන් සිංහල පද්‍ය සාහිත්‍යයේ හුඟක් භාවිතා වුණ විරිතක්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි ගොඩක් ප්‍රසිද්ධ නේද? තව ගොඩක් තිබිලා තියනවා ඉස්සර. ඒවා හරිම ලස්සනයි. අමාරුවෙන් හරි ඉගෙන ගත්තොත් වටිනවා.

      Delete
  6. කවි පෝස්ට් වලදි නම් පූමෝ, මට කරන්න තියන්නෙ කියවා රස වින්ද බව කියල යන එක විතරයි. මොකද ඔය ලියන ක්‍රම ගැන හෙම කිසිම අවබෝධයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චන්දන අයියේ ඒක ගොඩක් වටිනවා. මොකද කෙනෙක් රස වින්දා කියලා දැන ගන්න එක සතුටක් නේ.

      Delete
  7. මගේ කමෙන්ට් එක කෝ බොල???
    ස්පෑම් වෙලාද බලන්නෝ.....

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ තියනවා සමනළි

      Delete
    2. නෑ නෑ මේක නෙමෙයි කලින් මං දැම්ම එක්ක. බලන්න ස්පෑම් ගොඩේ තියේද කියල.

      Delete
    3. අනේ නැනේ එහෙම එකක්.

      Delete
  8. අම්මට උඩු කාව්‍ය විශාරදයෙක්ද කොහෙද ........?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්? ආසාවට ඔන්න ඔහේ පදයක් දෙකක් ගැට ගහගන්නවා

      Delete
    2. අනේ නිකන් ඉන්නවද.....අර කවි ගැන ලියලා තියෙන්නේ මොනාද හත්තිලවුවේ.....?

      Delete
  9. හෙහෙ ඒ මේ ළඟදී ඉගෙන ගත්ත කරුණු වගයක් බන්

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
  11. කාව්‍යකරණය ගැන මේ වගේ දැනුමක් තියෙන පූමාට මචං කියන්න මොකද්ද වගේ අයියෝ.

    ReplyDelete
    Replies
    1. මගේ මොන දැනුමක්ද ඩ්‍රැකී, යාන්තමට අකුරු ටික ගැට ගහගන්නවා විතරනේ

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.