Saturday, July 20, 2013

මුනිඳු පාමුල රැය පහන් කලෙමි


ඇසි දිසිය - මහා පින් බිම
ලොවේ සම්බුදු - නමට කැප කළ
සුවඳ කැටිකල - ධාතු ගර්භය
දෙවි වරුන් නිති - ආ ගියෝමය

එහෙව් පින් බිම මලින් සරසා
නොයෙක් වර්ණිත දාම පළදා
කළෙමි විසිතුර සොඳින් සකසා
වැද පුදන්නට බැතිය උපදා

මේ පුන් පොහෝ දා (2013-07-22) තෙක් පොල්ගහවෙල මහාමෙව්නාව  භාවනා අසපුවේ ඉදිකොට ඇති ශ්‍රී සම්බුද්ධ රාජ මාළිගයේ සුගන්ධ කුටිය නැරඹීමට පින් කැමති සියලු දෙනා සහභාගී වෙත්වා.


අළුයම් කාලයේ දී

ඉහළට විහිදී අභිමානවත් ශ්‍රී සම්බුද්ධ රාජ මාළිගය




ඉහත නිවේදනය ඇතුළු තවත් විස්තර හා ඡායාරූප මෙතනින්


22 comments:

  1. අන්න එහෙමයි වදින්ට ඕන.. පින්වත..

    ReplyDelete
    Replies
    1. වැරදිලා කලින් publish උණා. විචාරක ආවේ ඒ වෙලාවේ, එතකොට මොනවා තිබ්බාද දන්නේ නෑ.

      Delete
    2. මොන විචාරකද යකෝ.. උඹට අමු කැවිලද මම එනකොට කවිය තිබුනා.

      Delete
    3. තාම නිදි මතේ ඉන්නේ සේරම පැටලිලා. කවිය විතරනේ තිබ්බේ දේශක අයියා. අනික් 4 ටෝ ටික තිබ්බේ නැනේ

      Delete
  2. තාම ගිහින් නෑ. යන්න ඕනෙ බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා යන්න. සඳුදා හැරුනාම අනිත් දවස් වල උදේ ඉදන් ඇරලා තියෙන්නේ. හැබයි ඉතිං සුගන්ධ කුටියට යන්න නම් මේ වගේ දවසක තමයි යන්න වෙන්නේ

      Delete
  3. මැණික් විහාරේ කියන්නේ මේකටමද //?

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නම් නෑ. ගොඩක් ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  4. පට්ට ප්ලේස් එක නේද පුමා.. මුළු හිතම පිරෙනවා. අම්මියෝ.. මාර ලස්සනයි.. සෝ බියුටි.... :*

    ReplyDelete
    Replies
    1. බෙනා සිරාවටම ලස්සනයි බන්. වරෙන් යමන් මාත් එක්ක දවසක.

      Delete
  5. මං නම් ගිහින් නෑ.. දැනුවත් කලාට ස්තුතියි පූමා.

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් ගිහින් බලන්න අයියේ. ලස්සනයි. ඊටත් වඩා යමක් අපිටම හිතෙනවා.

      Delete
  6. මෙතැන මට නං බොහොම ළග තැනක්. ඒත් මං තාම ගිහින් නැ මෙතැනට. මේ පිංතුරවල ලස්සන හා ඉදිරිපත් කර ඇති විලාසය අනුව යන්නම හිතෙනවා පූමා.

    ReplyDelete
  7. මේකේ පිටතට වඩා ඇතුල ලස්සනයි. ඒත් අතුල ඡායා රූප ගත කරන්න අවසර නෑ. නිකන් ඉන්න වෙලාවක ගිහින් බලන්න අයියේ. ලස්සනයි ගොඩාක්.

    ReplyDelete
  8. හරිම සුන්දරයි.වදන් ගැලපුම වඩාත් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. අරු අයියා මේ පැත්තේ ආවට ගොඩාක් ස්තුතියි

      Delete
  9. පිංතූර ටිකනම් හරිම ලස්සනයි. පූ, ද ගත්තේ. ඇත්තටම රජකාලෙට මතකෙ ඇදී යනවා. වෙලාවක යන්නත් ඔ්න.

    ReplyDelete
  10. මම නම් නෙවේ. මාත් එක්ක ගිය යාලුවා ගත්තේ. අනිවාරයෙන්ම ගිහින් එන්න

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. මට කණගාටුයි බන්. ඒත් අරක අයින් කලා. මට කවුරු හරි මොනවා කිව්වත් මට ඒක ගානක් නෑ. ඒත් ලොකු හාමුදුරුවන්ට මොනවත් කියනවාට මම කැමති නෑ බන්.

    ReplyDelete
  13. දිලිසෙන සියල්ල රන් නොවේ!

    ReplyDelete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.