Friday, July 26, 2013

අසරණයි කියා නොසිතන්න


අත්වාරු ගිලිහුණා
දෙපා සවි වියැකුණා
දිවි මගේ සියලු දෙය 
සදහටම හැර ගියා

එසේ සිතු සිත් වලට
සිනා මල් නැගේවා
හෙට දිනය ලබන විට
සොම්නසින් බලත්වා

අරුත් බර මිනිස්කම
කුමක් දැයි සොයන්නට
එක්ව බැදි සිත් දරණ
මිතුරු කැල එක්වුණා

වික්ටෝරියා නිවාසයේ නේවාසික රෝගීන් ට උපස්ථාන කිරීම මේ මස් ඉරු දින එනම් 4 වෙනිදා රාජගිරිය වික්ටෝරියා නිවාසයේදී පැවැත්වේ.

වික්ටෝරියා නිවාසය ගැන වැඩි දුර තොරතුරු මෙතනින්

වැඩි විස්තර ගැන දැන ගැනීමට මෙතනට යන්න.

32 comments:

  1. උඹ ඔක්කොටම කලින් කවිය කෙටුවා නේ.. පට්ට ඈ.. මම එහෙනම් කස්ටිය සෙට් වෙලා වැඩේ කරලා හෙණ ෆුල් ආඩම්බරයෙන් ලියන්නම් කෝ ඈ.. මොනා උනත් අසරණයන්ට සරණක් වෙන එක තරම් පිනක් මේ තුන් ලෝකයේම නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. උඹ මට කලින් ලිව්වොත් කියලා දැම්මේ මේක.

      Delete
  2. අගේ ඇති වැඩක් සහෝ !

    සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑමා. පුළුවන් නම් වරෙන්

      Delete
  3. ඉතා ම වටින වැඩක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් පින් දිරිමත් කලාට

      Delete
  4. මේ උතුම් කරතව්‍යයට දායක වන සැමට මගේ ප්‍රණාමය. මට එන්න වෙන්නේ නෑ මලයා. විදෙස් ගත වන්න සිදුව ඇති නිසා...

    ReplyDelete
    Replies
    1. අයියාගේ ආශිර්වාදයම ඇති අයියේ

      Delete
  5. හොද වැඩක් බන්..
    හොදට කර ගන්න ලැබේවා.

    ReplyDelete
  6. කලකිනි මිනිසත් බව ලැබගන්නේ
    කුමටද කුසලට කම්මැලි වන්නේ........
    පුමා.....මේවා කුසල් වලටත් වඩා මිනිහෙක් තවත් මිනිහෙකුට කරන යුතුකම් හැටියටයි මමනම් දකින්නේ.උඹලාට සිතටත් ගතටත් වඩ වඩාත් ධෛර්ය‍ය හා ශක්තිය.

    ReplyDelete
    Replies
    1. ගොඩක් පින් අයියේ දිරිමත් කලාට

      Delete
  7. අපූරුයි... හිත පිරුණා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ ඇති වර්ෂා

      Delete
  8. උතුම් කටයුත්තට දායක උන හැමෝටම ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. තාම කෙරුවේ නෑ ඩ්‍රැකී, කරන්න හදන්නේ අපි

      Delete
  9. Replies
    1. ගොඩක් ස්තුතියි මාතලන්

      Delete
  10. මේ වගේ පින් අතේ වැඩ හැමදම කරගන්න ශක්තිය ධෛර්වයය ලැබේවා සහෝ. මේවා තමයි අපි යන දවසට යනතැනට ගෙනියන්නේ සහෝ. හොඳ අරමුණක්. යහපත් ජීවිතයක්.

    ReplyDelete
  11. බොහෝම පින් දිරිමත් කෙරුවට

    ReplyDelete
  12. Replies
    1. තැන්ක්ස් තැන්ක්ස්

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.