Monday, July 8, 2013

නොසැලෙන බෝ හිමි


ලොවට උතුම් සම්බුදු හිමි
සිසිල විදපු නුඹේ සෙවණට
දස දහසක් සක්වළ තුල
සමකල හැකි යමක් නොමැත

නොමිනිස් තිරිසන් හමුවේත්
අකම්පිතව ලෝ දහමින්
බුදුහිමි ඉවසුව විලසින්
බලා සිටී අනිමිසයෙන්

මිහිතල කම්පා වූවත්
අසනි වැස්ස ඇද හැලුණත්
නොසැලෙන වජිරාසන ළඟ
වැජඹෙනු මැන හෙට දිනයෙත්

5 comments:

  1. අනිවර්යෙන්ම කිසිම බලවේගයකට බුදු දහම විනාශ කරන්න බැ.නැවත බුදු හිමියෙකු වඩින තුරු.

    ReplyDelete
  2. කියන්න වචන නැ මචන් ... ලස්සනයි පබදුම .. ඒ වගේම බුදු දහම .. අපේ ... එක අපේ ලේ වල තියෙන දෙයක් ...

    ReplyDelete
  3. මිහිතල කම්පා වූවත්
    අසනි වැස්ස ඇද හැලුණත්
    සත්දම් ලොව වැජඹෙනු ඇත
    කිසි දින නොමියෙන විලසින්....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඒකාන්තයි

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.