Saturday, January 25, 2014

නොයිඳුල් සඳ


කලින් විඳපු වසන්තයට
ඉකිබිඳිනා රෑ මැදියම
වළාපෙළින් මුණ වැසුව
ගිම්හානයේ මතු වූ සඳ

සඳ මතුපිට කැළැල් ඇතත්
ආදරේ මම සඳ එළියට
එළිය දිදී පායන කල
මොන අඩුවද ඒ එළියට

අඳුරු මතක අමතක කර
එළිය දියන් මගේ අහසට
දුකක් ගන්න එපා හිතට 
නුඹ තාමත් නොයිඳුල් මට


ප/ලි
අද පහතින් ලියන එක කවියට අදාළ දෙයක් නම් නෙවේ. මම කවි ලියන්න පටන් ගත්තාට පස්සේ වට පිටාවේ හිටපු ගොඩක් අයගෙන් ආභාෂය ගත්තා. ඒ අතරින් ගොඩාක්ම වැදගත් පුද්ගලයා ගැන මම මේ පෝස්ට් එකෙත් දැම්මා. ඒ තමයි මගේ මිත්‍රයා සුළඟ. කාලයක් blog එකක් ලියන්න ගත්තාට ඒක නතර උණා. දැන් ආපහු අලුතෙන් ලියනවා. කවිය ඇඟේ තියාගෙන ඉන්න කෙනෙක්. ගිහිල්ලාම බලන්න.
සුළඟ නොනිම් සත්සරය

Saturday, January 11, 2014

ඔවදනක්



ඇති නැති සියලු දෙන
තමනට හැකි පමණ  දැන
දෙලොවටම වැඩ වන
යමක් කර ගනිමු සලසා පින

මසකට එක් වරක්
ලබනා පොහොය දිනයක්
නොකරමු අන් දෙයක්
උතුම් අටසිල් රකිනු පමණක්

අන් හැම දිනයකම
පස් පව් කිසිත් නොකරම
ඉන්නට වෙර දැරුම
සදයි සුභ සෙත සැකක් නැතුවම

පිනකට ලැදි සිතක්
අකලට පර වෙන වගක්
කවරෙකු ඇසු දෙයක්
මිණි සේ රුවට දිලෙනා මිසක්


ප/ලි
ටික දවසකින් විරිතකින් කවියක් ලියන්න බැරි උණා. ඒ හින්දා අද එකක් ලියන්න බැලුවා. මේක මහා පියුම් විරිත. මා වැනි බිළින්දා, ගුරු සිත නොරිදවා වගේ කවි ලියවෙලා තියන්නේ මේකෙන්. මාත්‍රා පිළිවෙළින් 9,11,9,14 විදියට වෙන්න ඕනේ.

ප/ප/ලි
මෙච්චර කාලයක් ලියපු කවි දිහා ආපහු හැරිලා බැලුවා. සතුටු වෙන්න පුළුවන් විදියේ නිර්මාණ පොඩ්ඩයි තියෙන්නේ. මට සාර්ථකයි කියලා හිතෙන්නේ නැති එකක්අනිත් අයට සාර්ථකයි වෙන්න බෑ. ඒ වෙලාවට හොදයි කියලා හිතුණට ඇත්තටම එහෙම නෙවේ වෙන්න ඇති. කාට හරි කියවද්දී තේරුමක් නැති එකක්, තව රසවත් උණා නම් හොදයි කියලා හිතෙනවා නම් ඒක කියන්න. ඒක ගොඩාක් වටිනවා මට.

ප/ප/ප/ලි
සෑහෙන්න උණ හොදයි. අද ගම්පහ යනවා. හෙට තමයි අපේ ලේ දන්දීම. ඉරිදා හැන්දෑවට හම්බවෙමු ආයෙමත්.

උදෑසන 9.00 සිට ලේ දන් දීමේ වැඩසටහන සජීවීව මෙතනින්

Wednesday, January 8, 2014

උණ විකාරය

 
රතු පාටට රවුම් ගොඩක් ඔළුව වටේ කරකැවෙනවා
ඒ අස්සෙන් කළු පාටට බෝල බෝල විසික්වෙනවා
නැගිටගන්න බැරි තරමට ඇඟට අමාරුව දැනෙනවා
උණ හැදිලා වගෙයි බොලව් මට විකාර දේ පේනවා

කරන වැඩක් හරියන් නෑ - මෙහෙම නිකන් ඉන්නත් බෑ
කන්න බොන්න පිරියක් නෑ - බෙහෙත් ගන්න යන්නත් බෑ
හිතට කිසිම නිවනක් නෑ - සද්ද මොකුත්ඉවසනු බෑ
කවි ලියන්න හිතුවෙත් නෑ - දැන් නම් එය නොලියත් බෑ

Saturday, January 4, 2014

දන් දී බිඳක් - සනසමු හිතක්!!!


පුද හෙලා රුධිරය බිඳක් - රැක ගනිමු තව දිවි රැසක්
ඉටුකලා ණය ගැතිකමක් - බිව් කිරෙහි අගයට යමක්
තනිවෙලා අසරණ කමක් - ආ විටෙක සිහිවන දෙයක්
සිදුකලා යන මතකයක් - ලැබ ගනිමු එය මහමෙරක්

ප.ලි.
මතකනේ අපි මීට කලින් දන්සලක් දුන්නා. ඊට පස්සේ වික්ටෝරියා විශේෂ අවශ්‍යතා නිවාසයේ ශ්‍රමදානයක් කලා. මේ පාර අපි ලේ දන් දීමේ වැඩ සටහනක් කරනවා. බුකියේ ඉන්න යාලුවෝ නම් මේක දන්නවත් ඇති. පුළුවන් අය එදාට ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න. නැති නම් ඒ අවට අයට හරි කියන්න.

තියෙන්නේ,
ගම්/ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය - ගම්පහ කියන තැන.
දිනය
ජනවාරි 12 වෙනි ඉරිදා

පුළුවන් හැමෝම එන්න එදාට

සේරම විස්තර ගන්න අපේ බුකියේ ඉසව්වට යන්න

Wednesday, January 1, 2014

සුභ පැතුම්


         
අහස් කුස බබලවා හිරු මඬලදිලේවී
පහන් ඇස සනසලා සඳ එළියනැගේවී
කුසුම් රැස පිසදමා එන සුළඟදැනේවී
නැවුම් රස මුසුවෙලා කිරි සුවඳගෙනේවී

  
රිදුණු හද සුව වෙලා සිනා මල් ගලාවී
බිදුණු බැමි සවිවෙලා අතීතය මකාවී
තැවුණු සිත පිබිදිලා කෙලි දොළෙන්නටාවී
කඳුළු බිඳු වියැකිලා යළිත් මඟබලාවී

  
දුරුතු මස එළඹිලා නව වසක්උදාවී
මිතුරු කැල පිරිවරා අද දිනත් සිටීවී
ඇරුණු නෙක කල්පනා පද වැලක් ගොතාවී
සියලු දුක නැතිවෙලා යහපතක් ලැබේවී