Saturday, January 4, 2014

දන් දී බිඳක් - සනසමු හිතක්!!!


පුද හෙලා රුධිරය බිඳක් - රැක ගනිමු තව දිවි රැසක්
ඉටුකලා ණය ගැතිකමක් - බිව් කිරෙහි අගයට යමක්
තනිවෙලා අසරණ කමක් - ආ විටෙක සිහිවන දෙයක්
සිදුකලා යන මතකයක් - ලැබ ගනිමු එය මහමෙරක්

ප.ලි.
මතකනේ අපි මීට කලින් දන්සලක් දුන්නා. ඊට පස්සේ වික්ටෝරියා විශේෂ අවශ්‍යතා නිවාසයේ ශ්‍රමදානයක් කලා. මේ පාර අපි ලේ දන් දීමේ වැඩ සටහනක් කරනවා. බුකියේ ඉන්න යාලුවෝ නම් මේක දන්නවත් ඇති. පුළුවන් අය එදාට ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න. නැති නම් ඒ අවට අයට හරි කියන්න.

තියෙන්නේ,
ගම්/ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය - ගම්පහ කියන තැන.
දිනය
ජනවාරි 12 වෙනි ඉරිදා

පුළුවන් හැමෝම එන්න එදාට

සේරම විස්තර ගන්න අපේ බුකියේ ඉසව්වට යන්න

29 comments:

  1. වැඩේ සියට,සීයක්ම සාර්ථක වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ

      Delete
  2. වටින වැඩක් මලේ... මට ඉතින් ඕවට බය එක නේ පුරස්නේ!

    ReplyDelete
  3. අයියේ මාත් එන්න ද ? :p

    ReplyDelete
    Replies
    1. එන්නේ එහෙම නෑ පැත්ත පළාතේ

      Delete
  4. අයියෝ..............මම ලේ දෙන්ට ගියොත් මාව අර පාන් පෙත්තයි කිරි වීදුරුවයි දීලා දු: කියලා එලවයි :(

    ReplyDelete
    Replies
    1. අපි නම් එහෙම අය නිකම්ම එළවනලු ඔන්න ඈ

      Delete
  5. මල්ලිලා හොඳ සමාජ සේවාවක් කරන්නේ. මාත් ආසයි ලේ දන්දෙන්න. ඒත් කොහෙද බර මදිනේ. අපේ ගෙවල් ළඟ පොසොන් එකට මහා ලේ දන්දීමේ පිංකමක් වෙනවා. අපේ තාත්ත එහෙම බැහැලා වැඩ. ඉස්සරනම් මාත් ගියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් ඉතිං මගෙත් බර මදි. ඒත් ඉතිං ලේ දෙන්න බැරි එකේ එහෙම එකක් සංවිධානය කරන්නවත් එපාය

      Delete
  6. සාර්ථක වේවා යැයි පතමි පුමා... අගය කළ යුතු වැඩක් .... සුබ නව වසරක් වේවා ඔබට ...!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සහන් අයියාට. බොහොම ස්තුතියි ඔන්න ඈ

      Delete
  7. මීට කලිනුත් එකක් තිබ්බද නැත්තං මේ ඒකමද??

    සාර්ථක කටයුතත්තක් වේවා

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ බුකියේ අපේ කට්ටිය කිව්වේ මේක ගැන තමයි දේශක තුමෝ. ලබන ඉරිදා තියන්නේ

      Delete
  8. අපිත් හැම අවුරුද්දෙම ලේ දන්දීමේ වැඩසටහනක් කරනව අපේ ගමේ පන්සලේ.වැඩසටහන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචෝ..

    ReplyDelete
    Replies
    1. කැම්පස් එන්න කලින් අපිත් සෙට් උණා බන්. ඒත් මෙහේ ආවට පස්සේ තමයි මොකක්වත් කරන්න බැරි උණේ. ඒකයි බැලුවේ මෙහෙම අහරි සෙට් වෙන්න කියලා

      Delete
  9. මට ඉතින් ලේ දෙන්න තරම් ඇගේ ලේ නැති නිසා සහභාගි වෙන්නෙ නෑ :D
    ඒත් වැඩේ සාර්ථක වෙන්න කියල සුබ පතනවා :)

    ReplyDelete
    Replies
    1. දැන්ම ඉදන් කන්න පටන් ගනින්. ලබන පාර සෙට් වෙන්න පුළුවන් එතකොට

      Delete
  10. අවුරුද්දේ ඉස්සෙලාම කරන මේ වගේ යහපත් ක්‍රියා සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. පරණ අවුරුද්දේ ඉදන්ම තමයි කට්ටිය මේකට මහන්සි උණේ අයියේ. ඒ හින්දා ඔන්න අලුත් අවුරුද්ද ලබද්දීම වගේ මේක වැටුනා

      Delete
  11. ඒක හොඳ වැඩක් මටනම් හිතෙන්නේ........

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං එහෙමනේ දෙයක් කෙරුවොත් ඈ

      Delete
  12. හොඳ වැඩක්... නලීන්ලට (සමකය වටේ) එහෙම කිව්ව නම් පොඩි ප්‍රොමෝටින් පාරක් ගන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. නලින් අයියාට කියලා තියෙන්නේ. එදාට ඇවිත් යන්නත් එන්නම් කිව්වා.

      Delete
    2. අපේ නලින් අයියාත් ඉතිං මේ වගේ වැඩක් කිව්වොත් පැනලානේ උදව් කරන්නේ

      Delete
  13. :s සොලි ඉතිං එන්න වෙන්නෙනං නෑ. ආවත් දෙන්න ඇඟේ ලේ තියෙන එකක් යැ. ජයම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ගින්නක් නෑ බන්. අනිත් එක මගේ කියලාත් වැඩිය වෙනසක් නෑ

      Delete
  14. උඹලාට ධෛර්ය්‍ය හා ශක්තිය!!!

    මගෙන් ලේ ගන්නේ නැහැ බන්. මට හෙපටයිටිස් හැදිලා තියෙනවා ඉස්සර.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු අයියේ ගොඩක් දිරිමත් කිරීමට

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.