Saturday, January 25, 2014

නොයිඳුල් සඳ


කලින් විඳපු වසන්තයට
ඉකිබිඳිනා රෑ මැදියම
වළාපෙළින් මුණ වැසුව
ගිම්හානයේ මතු වූ සඳ

සඳ මතුපිට කැළැල් ඇතත්
ආදරේ මම සඳ එළියට
එළිය දිදී පායන කල
මොන අඩුවද ඒ එළියට

අඳුරු මතක අමතක කර
එළිය දියන් මගේ අහසට
දුකක් ගන්න එපා හිතට 
නුඹ තාමත් නොයිඳුල් මට


ප/ලි
අද පහතින් ලියන එක කවියට අදාළ දෙයක් නම් නෙවේ. මම කවි ලියන්න පටන් ගත්තාට පස්සේ වට පිටාවේ හිටපු ගොඩක් අයගෙන් ආභාෂය ගත්තා. ඒ අතරින් ගොඩාක්ම වැදගත් පුද්ගලයා ගැන මම මේ පෝස්ට් එකෙත් දැම්මා. ඒ තමයි මගේ මිත්‍රයා සුළඟ. කාලයක් blog එකක් ලියන්න ගත්තාට ඒක නතර උණා. දැන් ආපහු අලුතෙන් ලියනවා. කවිය ඇඟේ තියාගෙන ඉන්න කෙනෙක්. ගිහිල්ලාම බලන්න.
සුළඟ නොනිම් සත්සරය

31 comments:

  1. කවිය අපූරු යි.

    //සඳ මතුපිට කැළැල් ඇතත්
    ආදරේ මම සඳ එළියට
    එළිය දිදී පායන කල
    මොන අඩුවද ඒ එළියට//

    මේ කවිය ලස්සණ යි. මොකද කියනව නම් වක්‍රෝක්තිය නිසා. යන්නම් ඒ පැත්තෙත්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අක්කේ

      Delete
  2. පාරේ එක්ක යන්න හැකි වේවිද

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය ගැටලුව තියනවා ගොඩාක් අයට. හැබයි දැන් දැන් ඒකත් ගණන් ගන්නේ නැද්ද මන්දා

      Delete
  3. ඔය සුළගයා මහ බොරැකාරයෙක් බං...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. ඒ මදිවට අමු හොරා

      Delete
  4. Replies
    1. ස්තුතියි ගොඩාක්

      Delete
  5. //අඳුරු මතක අමතක කර
    එළිය දියන් මගේ අහසට
    දුකක් ගන්න එපා හිතට
    නුඹ තාමත් නොයිඳුල් මට//

    මුළු කවියම ලස්සනයි. මට නම් හිතෙන්නේ කවියේ සම්පූර්ණ අදහස මේ කොටසින් පැහැදිලි කෙරෙනවා. වරදට සමාව දීම කොයිතරම් කළ හැක්කක් ද සහ කොයිතරම් සාධාරණ දෙයක් දැයි ඔබ මේ කවියෙන් මොනවට විස්තර කරනවා. ඒ වගේ ම අදුරු මතක අමතක කර මගේ අදහසට එළිය දෙන්න යැයි කියන්නට තරම් මෙහිදී කවියා සාධාරණ වෙනවා.

    වරදක් කිරීම කිසිම කෙනෙක් අතින් වෙන්න බැරි දෙයක් හැටියටයි අපි විශ්වාස කරගෙන බොරු බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ. ඒත් ඇත්ත ම කතාව තමයි අපි හැමෝම හිතින් හරි වැරදි කරනවා. ඒත් අනෙකා වැරදි කරයි කියන හැගීම නැති අපි අනෙකාගේ වැරැද්දක් වුණොත් මුළු ජීවිත කාලයට ම අයින් කරලා දානවා. ඒත් ඒ වැරැද්ද තුළ ඇති අපේ වැරැද්දේ කොටස දකින්නේ නෑ. ඒත් එක් වරක් වුණ වැරැද්දක් කෙනෙක් මුළු ‍ජීවිතේට ම ආයේ නොකරන නිවැරදි වෙන්නත් පුළුවන්. කවියා ඒ සමාව දීම මනාව කලාත්මක ව ඉදිරිපත් කරනවා. මේ මගේ හැගීම පමණයි.

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර කියන තැන යාලුවෝ ගොඩාක් ඉන්න හින්දා මම දන්නේ නෑ කාටද මේ ගෞරවය යන්න ඕනේ කියලා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි කියලා කියනවා. ඒ වගේම අදහස් දැක්වීම ගැන කියනවා නම් මම ලියපු දෙයක් ගැන පස්සේ කතා කරන්නේ නෑ. මොකද මගේ හිතේ තියන දේ අනිත් අයට හැම වෙලාවෙම දැනෙන්නේ නැති හින්දා. ඒත් මෙතනදී නම් මට හිතුණු ඊටත් වඩා හොදට විග්‍රහ කරලා තියනවා. ආයමත් ස්තුතියි ඒකට

      Delete
  6. දිවි නුබ ලස්සන වෙන්නේ
    සඳක් පුදන සඳ එළියට
    ඉතා පිරිසිදු ම එළියක්
    ලස්සන නෑ කවි හිතකට

    එළියක් හැඩ වැඩ වෙන්නේ
    කළු ලප හෙම තියෙනා කොට
    ආදරෙ කළ යුතු වෙන්නේ
    හොඳ නොම හොඳ හැම දේටම..))

    ReplyDelete
    Replies
    1. ඇත්ත, සමහරක් වෙලාවට සර්ව සම්පුර්ණ ඒවාට වඩා අගය කිරීම් ලක්වෙන දේවල් තියනවා

      Delete
  7. "නුඹ තාමත් නොයිඳුල් මට " හැගීම්බර අදහසක් එත් බුද්ධියටත් ටිකක් හරි ඉඩ දීම වටිනවා.

    ReplyDelete
    Replies
    1. සමහර තැන් තියනවා හැගුම් සහ බුද්ධිය අතර අපි දෝලනය වෙන

      Delete
  8. මං නම් හඳට කැමති මිනිහෙක් නෙමෙයි පුමා..
    හැමදාම නැති කළා සොලොස කන්නද..?
    ආවට පිරුණු හඳ මඩල ගැන කුමන කතාවක් ද..?
    එහෙම බලනකොට අනුන්ගේ එළියෙන් රැය පහන් කරන හඳ ගැන මගේ හිතේ තියෙන්නේ වෛරයක් මිසක් ආදරයක් නම් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. හඳේ වැරැද්දක් නෑ බන්. අපි ඒක දිහා බලන විදිය අනුව තමයි අවුල තියෙන්නේ

      Delete
  9. අඳුරු මතක අමතක කර
    එළිය දියන් මගේ අහසට
    මෙ බලාපොරොත්තුවෙන් හිටියට ඉටුවෙයිද?

    ReplyDelete
    Replies
    1. අමාරු ඇති. එත් එහෙම දේවල් නොවෙනවාම නෙවේ නේද?

      Delete
  10. //අඳුරු මතක අමතක කර
    එළිය දියන් මගේ අහසට
    දුකක් ගන්න එපා හිතට
    නුඹ තාමත් නොයිඳුල් මට//

    කොච්චර නොඉඳුල් ආයාචනයක්ද.... කොච්චර මිහිරි පරිත්‍යාගයක්ද....හරි අගෙයි.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අරු අයියේ අදහසට, හදවතින්ම ආදරේ කරන දෙන්නෙක්ට කරන්න පුළුවන් දෙයක් ඒක.

      Delete
  11. දැන් දැන් මම උඹේ කවි වලට වෙනදට වැඩිය ආස කරනවා බං.. නියමයි..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මට ලියද්දි පරිස්සමින් ලියන්න වෙයි වගේ මීට පස්සේ කාඩ් එක නැති කරගන්නේ නැතුව. ස්තුතියි අයියේ ගොඩාක්

      Delete
  12. ලස්සනයි බං.අමුතු රසක් තියෙන්නේ.අන්තිම කවියට හුගක් කැමතියි.ඇත්තටම ආදරේ කරන අයට අනිකා ගේ වරදකට සමාව දෙන එක අමරු දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩාක්. ඇත්තටම ආදරේ කියන්නේ ඒකයි

      Delete
  13. Replies
    1. තැන්ක්ස් බන්. ගොඩාක් වටිනවා දිරිමත් කිරීම

      Delete
  14. වෙනදා මෙන්ම අදත් රසවින්දා ඔබේ කවිය මලේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු අක්කේ ගොඩාක්

      Delete
  15. කවිය අපූරු යි.
    ______________________________________________________________________
    එකතු වෙන්න. ඔබ දන්නා දේවල් කියාදෙන්න. නොදන්න දේවල් ඉගෙන ගන්න. පිළිතුරු දන්න සිංහලෙන්ම ලබාගන්න

    http://pariganakalokaya.com/

    ReplyDelete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.