Wednesday, January 1, 2014

සුභ පැතුම්


         
අහස් කුස බබලවා හිරු මඬලදිලේවී
පහන් ඇස සනසලා සඳ එළියනැගේවී
කුසුම් රැස පිසදමා එන සුළඟදැනේවී
නැවුම් රස මුසුවෙලා කිරි සුවඳගෙනේවී

  
රිදුණු හද සුව වෙලා සිනා මල් ගලාවී
බිදුණු බැමි සවිවෙලා අතීතය මකාවී
තැවුණු සිත පිබිදිලා කෙලි දොළෙන්නටාවී
කඳුළු බිඳු වියැකිලා යළිත් මඟබලාවී

  
දුරුතු මස එළඹිලා නව වසක්උදාවී
මිතුරු කැල පිරිවරා අද දිනත් සිටීවී
ඇරුණු නෙක කල්පනා පද වැලක් ගොතාවී
සියලු දුක නැතිවෙලා යහපතක් ලැබේවී
  

44 comments:

  1. අද දිනත් සිනාසී
    හෙට දිනක් උදාවී
    නව හැඟුම් බෙදාවී
    හිනැහියන් දයාවී..

    හුටා.. දයාවී කියල කියන්නෝනි කෙල්ලෙක්ට නේද බං??

    සුබම වේවා..

    ReplyDelete
    Replies
    1. දයාවී කියන්නේ කෙල්ලෙක් නෙවේ නේද බන්? බිරින්දෑට නම් කියනවාද කොහෙද

      Delete
  2. සියලු පැතුම් පිටුවෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!! වැඩි වැඩියෙන් කවි මල් පිපේවා!!

    ReplyDelete
    Replies
    1. එසේම වෙන්න ඕනේ ආ

      Delete
  3. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. එසේම වෙන්න ඕනේ සජිත්ටත්

      Delete
  4. Replies
    1. මම ඕක හැමතැනම දැක්කා. අම්මපා මොකක්ද ඔය?

      Delete
  5. සුභ නව වසරක් වේවා
    කවි සිතිවිලි පහල වේවා!

    ReplyDelete
    Replies
    1. අක්කාටත් එසේම වෙන්න ඕනේ

      Delete
  6. ප්‍රීතිමත් නව වසරක් වේවා...!

    සිතුවිලි බෝ වේවා...!

    ReplyDelete
    Replies
    1. අනිවා බන්, එසේම වෙන්න ඕනේ උඹටත්

      Delete
  7. සතුට පිරුණු නීරොගි සුභ නව වසරක් වේවා !!!! 

    ReplyDelete
    Replies
    1. අක්කාටත් එසේම වේවා

      Delete
  8. සියලු දුක නැතිවෙලා යහපතක් ලැබේනා,
    ප්‍රේමය,සාමය පිරි සුබම සුබ නව වසරක් වේවා පුමෝ.....!!!!

    ReplyDelete
    Replies
    1. අයියාටත් එසේම වේවා ඔන්න

      Delete
  9. සියලු දුක නැතිවෙලා යහපතක් ලැබේනා,
    ප්‍රේමය,සාමය පිරි සුබම සුබ නව වසරක් වේවා පුමෝ.....!!!!

    ReplyDelete
    Replies
    1. බුදු අප්පේ තුන් පාරක්ම සුභ පතලා නොවැ වැඩි වෙන්නේ නෑනේ. තව පාරක් සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  10. සියලු දුක නැතිවෙලා යහපතක් ලැබේනා,
    ප්‍රේමය,සාමය පිරි සුබම සුබ නව වසරක් වේවා පුමෝ.....!!!!

    ReplyDelete
  11. Replies
    1. අක්කාටත් එසේම වේවා ඔන්න

      Delete
  12. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. නලින් අයියාටත් එසේම වේවා එහෙනම්

      Delete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!

    මේ අවුරුද්දේ උඹේ වෙඩිම අරගෙන කැවුමක් කාල, උඹේ දරුවෙක් බලලා, අපිත් එව්වට උදව්වක් කරලා උඹේ කැම්පස් එකේම වැඩ හිටින්න වරම් ලැබේවා මට..

    ReplyDelete
    Replies
    1. කොල්ලා දැන් දෙමලත් දන්නවා වගේ.
      උඹටත් එසේම වේවා ආ

      Delete
  14. සුභ නව වසරක් වේවා..වැඩි වැඩියෙන් පෝස්ටු වැටේවා..

    ReplyDelete
    Replies
    1. දාමු දාමු පොස්ටු නම් නේ

      Delete
  15. සුභ අළුත් අවුරුද්ද වේවා පූමෝ..

    ReplyDelete
    Replies
    1. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියාටත්

      Delete
  16. ජීවිතය වේගයෙන් පෙර ලෙසම ගෙවේවී
    නව වසර උදාවෙන් ඉසිඹුවක් ලැබේවී
    ජීවිතේ ගමන් මග පැතුම් මල් පිපේවී
    ඒ මලින් සුවඳ වී සිතට දිරි ගෙනේවී

    ReplyDelete
    Replies
    1. අයියාටත් එසේම වේවා

      Delete
  17. සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා ඔබටත්.....!!!!

    ReplyDelete
    Replies
    1. අයියාටත් එසේම වේවා එහෙනම්

      Delete
    2. අඩේ අයියා නෙවේ මල්ලිනේ

      Delete
  18. සුභ නව වසරක්ම වන්නට පතමි!! කවිකම් දිනේවා!!

    ReplyDelete
    Replies
    1. අවුරුද්ද ලබන්නත් කලින් උඹේ සුභ පැතුම ආවේ. එහනම් සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  19. සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා....කවි සිත් වැඩි වැඩියෙන් පහල වෙවා

    ReplyDelete
    Replies
    1. එසේම වෙන්න ඕනේ අයියාටත්

      Delete
  20. පොසිටිව් තින්කින්!

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි ඉතිං

      Delete
  21. මේ නව වසරේදීත් පෙර මෙන් තව තවත් අරුත් බර කවි සංකල්පනා පහළ වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි තරු

      Delete
  22. සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ
    පරක්කු වෙලා සුබ පැත්ම් එක්කලාට සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. අයියෝ පරක්කු කොහෙද? එසේම වේවා ඔන්න

      Delete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.