Wednesday, March 26, 2014

අවුරුද්දට නව අරුතක්


හිරු දෙවිඳු දකින්නෑ  - දුර වැඩියි අපි හුඟක්
කොහෝ හඩ ඇහුන් නෑ - අපිට නෑ ඒ පිනත්
කැවුම් රස මිහිර නෑ - අතීතයෙ මතකයක්
අවුරුද්ද ලබන් නෑ - ඔහේ ගෙවෙනා මිසක්
මෙදා නම් එහෙම නෑ අපිට නෑ තනිකමක්
දුර බැහැර බලලා නෑ - හිරු දෙවිඳු මෙහි ඇවිත්

ප/ලි
බ්ලොග් එක පැත්තේ ආවේ හරියටම මාස දෙකකට පස්සේ. එන්න බැරි උණු හේතුව ලබන වතාවේ දාන්නම්. අද ආවේ ඒක කියන්න නෙවේ. මතකනේ අපි කට්ටියක් එකතු වෙලා මීට කලින් දන්සලක්, ශ්‍රම දානයක් සහ ලේ දන් දීමේ ව්‍යාපාරයක් කෙරුවා. අපි කට්ටියම එකතු වෙලා මේ පාර පුංචි අවුරුදු උත්සවයක් තියනවා. ඒ කෑගල්ල, බුලත් කොහුපිටිය ගමේ ඌරුමීවල කියන පාසලේ නංගිලා මල්ලිලා එක්ක එකතු වෙලා.වැඩි විස්තර බලා ගන්න මෙන්න මෙතනට ගියා නම් හරි. 
දිනය - අප්‍රේල් මාසේ 7 වෙනිදා

 ප/ප/ලි
මෙච්චර කාලයක් බ්ලොග් එක කරගෙන ආපු රටාව තියාගන්න ඕනේ හින්දා කවියක් දැම්මා. ඒක එච්චර සාර්ථක නෑ තමයි. ආයෙමත් ඉක්මනින්ම ලියනවා.


17 comments:

  1. අපුරුයි.. හැබයි කෑගල්ල දුර වැඩි නිසා එන්නේ වෙන්නේ නම් නැනේ..

    ReplyDelete
  2. ඇත්තටම කෑගල්ල ටිකක් දුරයි වගේ හිතුණට කොළඹ ඉදන් පැය දෙකකට පොඩ්ඩක් වැඩිපුර යයි. ඒත් ඇත්තටම මේ පාසල තියෙන්නේ කෑගල්ලයි අවිස්සාවෙල්ලයි අතරමැද වගේ. ඒත් ළඟාවෙන්න තියන මාර්ගය ගොඩාක් දුෂ්කරයි. ඒ හින්දා අපිට තවත් ඈතයි වගේ. එන්න බැරි උණත් වචනයෙන් හරි දෙන සහයෝගය අපිට ගොඩාක් වටිනවා මොනරි. ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  3. අප්‍රේල් 7 වෙනිදා හුගක් තැන්වල අවුරුදු උත්සව මගේ දුවගේ පෙරපාසලෙත් අවුරුදු උත්සවේ එදාට.

    ReplyDelete
    Replies
    1. ඔව් නිවාඩුවට කලින් තියනවානේ ගොඩාක් තැන්වල. ඒකයි අපිත් මේ දවස තෝරා ගත්තේ

      Delete
  4. ලියන්නකෝ ඉතිං ඉක්මනින්ම.. පුමා මුණුපොතේ වත් දැක්කේ නෑ තමා

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ආවේ නෑ දේශක යෝ ඒ පැත්තෙවත් හරියට

      Delete
  5. අගය කලයුතු දෙයක්..සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අගය කිරීමට

      Delete
  6. සුබපැතුම් මලයා ..හැමදාම අර්ථවත් දෙයක් කරන්න උත්සාහ කරනවනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන් අයියා, ලොකු හයියක් මෙහෙම කතා කරද්දී

      Delete
  7. සුබපැතුම් බං මගෙත්,කිවාත් වගේ උඹලා මොන මොනාහරි දෙයක් කරනවා නේ..?

    ReplyDelete
    Replies
    1. මාස දෙක තුනකට සැරයක් මොනවා හරි කරනවා කට්ටිය

      Delete
  8. හොඳ වැඩක්. සුබ පැතුම්

    ReplyDelete
  9. ආ... කාලෙකින්. අධ්‍යාපන කටයුතු විභාග ආදිය තිබුණද? සුබ පැතුම් පොඩි එවුන් එක්ක කරන අවුරුදු උත්සවයට.

    ReplyDelete
    Replies
    1. ගොඩ කාලෙකින් නම් තමයි තරු අක්කේ. ඊලඟ එකේ විස්තර කියන්නම් කෝ. ස්තුතියි සුභ පැතුමට

      Delete
  10. කාලෙකින් දැක්ක එකත් ලොකු සතුටක්. වැඩේ සාර්ථක වේවා!! ෆ්ලයිට් අතුරුදහන් වෙන නිසා එන්න බයයි බන්.

    ReplyDelete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.