Wednesday, March 26, 2014

අවුරුද්දට නව අරුතක්


හිරු දෙවිඳු දකින්නෑ  - දුර වැඩියි අපි හුඟක්
කොහෝ හඩ ඇහුන් නෑ - අපිට නෑ ඒ පිනත්
කැවුම් රස මිහිර නෑ - අතීතයෙ මතකයක්
අවුරුද්ද ලබන් නෑ - ඔහේ ගෙවෙනා මිසක්
මෙදා නම් එහෙම නෑ අපිට නෑ තනිකමක්
දුර බැහැර බලලා නෑ - හිරු දෙවිඳු මෙහි ඇවිත්

ප/ලි
බ්ලොග් එක පැත්තේ ආවේ හරියටම මාස දෙකකට පස්සේ. එන්න බැරි උණු හේතුව ලබන වතාවේ දාන්නම්. අද ආවේ ඒක කියන්න නෙවේ. මතකනේ අපි කට්ටියක් එකතු වෙලා මීට කලින් දන්සලක්, ශ්‍රම දානයක් සහ ලේ දන් දීමේ ව්‍යාපාරයක් කෙරුවා. අපි කට්ටියම එකතු වෙලා මේ පාර පුංචි අවුරුදු උත්සවයක් තියනවා. ඒ කෑගල්ල, බුලත් කොහුපිටිය ගමේ ඌරුමීවල කියන පාසලේ නංගිලා මල්ලිලා එක්ක එකතු වෙලා.වැඩි විස්තර බලා ගන්න මෙන්න මෙතනට ගියා නම් හරි. 
දිනය - අප්‍රේල් මාසේ 7 වෙනිදා

 ප/ප/ලි
මෙච්චර කාලයක් බ්ලොග් එක කරගෙන ආපු රටාව තියාගන්න ඕනේ හින්දා කවියක් දැම්මා. ඒක එච්චර සාර්ථක නෑ තමයි. ආයෙමත් ඉක්මනින්ම ලියනවා.